බොල්ලෑගල, මානෙල්වත්ත මහා විහාරයේ ඉදිකරනු ලබන අඩි 42ක් පමණ උසැති පස් ලෝහ විශාලතම සමාධි බුදුපිළිම වහන්සේගේ සුබ නැකතින් ධාතූන් වහන්සේ තැන්පත් කිරීම විහාරාධිපති තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගහකන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක අධ්යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රැවන් විජයවර්ධන මහතා අතින් පසුගියදා සිදුකෙරිණි.

මෙම පිළිම වහන්සේ අඩි සියයක් උස ගොඩනැගිල්ලක් මත නිමවීමට නියමිත අතර අඩි 142ක් පමණ උසකින් යුතුය. රැපියල් කෝටි එකොළහක් පමණ මේ සඳහා වැය කෙරේ.
මෙම අවස්ථාවට විහාරාධිපති නාහිමියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රුසක් සහභාගී වූහ.
සේයාරැව I ඩික්සන් වසන්ත